අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර
අප අතර සැරි සරන ඇදහිලි කල්ලි
මාග්‍රට් තේලර් සිංගර් – යන්යා ලාලිච්
පෙරවදන රොබට් ජේ ලිෆ්ටන්
පරිවර්තනය
ප්‍රභා මනුරත්න, කසුන් සේනානායක, නිශාන්ත කුලරත්න, බුද්ධික බණ්ඩාර
මෙය ඇදහිලි කල්ලි පිලිඹදව හැදෑරීම සදහා ලෝකයේ භාවිතා වන මූලිකම පොතක සිංහල පරිවර්තනයකි.එමෙන්ම ඇදහිලි කල්ලි පිලිඹද ලංකාවේ ප‍්‍රකාශයට පත්වන මුල්ම පොත ද මෙය යි. සමාජ විද්‍යාව මනෝ විද්‍යාව හෝ දේශපාලනය පිලිඹද උනන්දුවක් ඇති අයට පමනක් නොව වර්තමාන සංකීර්ණ සමාජ වටපිටාව තුල මිනිස් හැසිරීම හා කන්ඩායම් චර්යාව තේරුම් ගැනීමට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකු ට මෙම පොත අතිශය වැදගත් ය. ලංකාව තුළ බහුල ලෙස දැකිය හැකි ඇදහිලි කල්ලි ආකෘතියේ විවිධ කණ්ඩායම් වලට සම්බන්ද වූ සිය ආදරණීයයන්, මිතුරු මිතුරියන් පිළිඹදව විමතියෙන් ද ශෝකයෙන් ද පසුවන බොහෝ දෙනාට ද මෙම පොත ප‍්‍රායෝගික ලෙස මහත් සේ උදවු වනු ඇත
පරිවර්තකයින්
මා මේ පොත තුළ පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ සාමාන්‍ය
පුරවැසියන් තමාගේ එදිනෙදා ජීවිත අත්හැර දමා, අමුතු සහ
ආචාර විරෝධී ක්රියාවන්ගේ සිට ස්වයං විනාශකාරී ක්රියා සහ
ඝාතන දක්වා විවිධ කටයුතු වෙත යොමු වන කණ්ඩායම්වල
කොටස්කරුවන් බවට පත් වන්නේ කෙසේ ද යන්න යි. අපි
සියලූ දෙනාම ඇදහිලි කල්ලිවල ශෛලියට හසුවීමේ අවදානමය
දරමු. අපගේ සමාජය වඩ වඩා වාණිජකරණය වන විට,
හිංසාකාරී හා පරාරෝපණය දනවන විට, වංක වන විට,
ව්‍යුහ රහිත වන විට විශේෂයෙන්
මෙම අවදානම පවතී. ඔබ ඇදහිලි කල්ලියක සාමාජිකයෙකු
වූ විට ඔබේ පරිසරයෙන් වැඩි කොටසක් සහ ඔබේ ජීවිත
තෝරාගැනීම් ගණනාවක් ම පාලනයට යටත් කරනු ඇත: ඔබේ
මූල්‍ය සම්පත්, තොරතුරු ලබා ගැනීමට ඇති අවස්ථාව, ඔබ
කරන වැඩ, ඔබේ සමාජ කවය, ඇතැම් විටක ඔබගේ ලිංගික
ජීවිතය පවා දැඩි පාලනයට යටත් කෙරේ. ඔබ, කණ්ඩායමට
අයත් කොටසක් ලෙස සිටීම සඳහා හැඩගැසී කටයුතු කිරීමට
ඉගෙන ගනියි. විරෝධය පළ කිරීමට වඩා, අනුගත වී, රැල්ල
සමඟ යමින්, යහපත් විශ්වාසවන්තයෙක් සහ යහපත්
අනුගාමිකයකු වීම පහසු ය. පුද්ගලයෙක් ඇදහිලි කල්ලි
නායකයකුගේ වශීකරණයට හෝ ආධිපත්‍යයට හසු වූ විටෙක,
සිදු ව ඇති දෙය තේරුම් ගැනීම ටත් ඉන් වෙන් වී නිදහස්
වීම ටත් එම පුද්ගලයාට උපකාර කිරීමට කෙතරම් අධ්‍යාපනයක්
අවශ්‍ය වේද යන්න අවබෝධ කර ගැනීම සඳහා අප සියළු
දෙනාටම මේ පොතේ ඇති පාඩම් උදවු කරනු ඇත.
මාග්‍රට් තේලර් සිංගර්
Advertisement